Sunday, May 19, 2024

GMOA අනාතයි …!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භකළ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විශේෂ ප‍්‍රවෘත්ති නිවේදනය.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රධාන රෝහල් සහ දිස්ත‍්‍රික් රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන්  (31) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය පිළිබඳව තොරතුරු එක්රැස් කරන ලදි.

ඒ අනුව පහත සදහන් නිරික්ෂණයන් හදුනා ගන්නා ලදි.

01. කොළඹ, ගම්පහ කෑගල්ල කිසිම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රියාත්මක නොවුනි.

02. මහමෝදර ශික්ෂණ රෝහලේ දී කිසිම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රීයාත්ම

නොවුනි.

03. ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරු පර්යන්ත රෝහල් බොහෝ ගණනාවක රෝගී සත්කාර සේවාවන්

සාමන්‍ය පරිදි පවත්වාගෙන යන ලදි.

04. විශේෂඥ වෛද්‍යවරුන් සහ සීමාවාසික වෛද්‍යවරුන් සියළු රෝහල්වල නේවාසික රෝගීන්ගේ

ප‍්‍රතිකාර සේවාවන්ට අදාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලදි.

05.තබොහෝ රෝහල්වල හදිසි ශල්‍ය කර්ම සහ සාමාන්‍ය ශල්‍ය කර්ම ද සිදු කරන ලදි.

06. ඇතැම් රෝහල්වල හදිසි හා අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම පමණක් සිදු කරන ලදි.

07. රෝහල්වල දෛනිකව සිදු කරනු ලබන කාර්යයන් සදහා බලපෑමක් ඇති වූ ස්ථානවල බලපෑම් සිදුව

ඇත්තේ බාහිර රෝගී අංශ සහ සායන කටයුතු අංශ පවත්වාගෙන යාම සදහා පමණකි. එසේ

වුවත් යම් යම් රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායන කටයුතු ද ක‍්‍රියාක්මක වුනි.

 

නිපුන් ඒකනායක,

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles