Sunday, May 5, 2024

මෙතරම් රසද බලු මස් ..?

ඔබ නිවසේ ඇකි කරන සුනඛයාට කෙතරම් ආදරේද ? ඌ ඔබට කෙතරම් ආදරේද ? එය සුනඛයන් සමඟ ජීවත් වන ඕනම කෙනෙකු විඳින ආදරණීයතම අත්දැකීමකි.සමහර විට ඔබ නිවසේ වසනා මිනිසුන්ට වඩා සුනඛයාට ආදරය කරනවා වන්නට පුළුවන.ඔබ මෙන්ම සුනඛයාද ඔබට ආදරය කරන්නේ ඔබට නොදෙවෙනි වන්නටය.එහෙත් මේ කියන්නට යන්නේ සුන්දර කථාවක් නොවේ.අති අමාණුෂික හා දුක්බර අත්දැකීම් බහුල සුනඛ මස් අනුභව කරන්නා වූ දකුණු චීනයේ තවමත් පැවැත්වෙන “යුලින් සුනඛ මස් උත්සවය“ ගැන මා දන්නා හා සොයාගත් තොරතුරු වලින් බිඳකි.

සාම්ප්‍ර‍දායික චීනයේ සුනඛ මස් පරිභෝජනය සිදුවන්නේ දැනට වසර 400ක පමණ අතීතයක සිටයි.එය අතීතයේ සිට චීනයේ විවිධ ප්‍රදේශ වල බහුලව සිදුවන කාරණාවකි.එදා සිට මේ වනතුරු චීනයේ විවිධ ප්‍රදේශ වලදී මෙම සුනඛ මස් අනුභවය නවතා දැමුවද තවමත් දකුණු චීනයේ මෙය සෑම වසරකම ජූනි මසදී පැවැත්වේ.“යුලින් සුනඛ මස් උත්සවය“ යනුවෙන් හැඳිවෙන මෙය මෙවර යෙදී ඇත්තේ ජූනි 21 සිට ඉදිරියට දින තුනක් ලෙස යොදාගන තිබෙනවා.පසුගිය වසරේ මෙය දින 10ක් පමණ කාලයක් පවත්වා තිබෙනවා.මේ කාලය තුලදී චීනුන් සුනඛයින් 15,000 සිට 20,000 දක්වා මරා අනුභව කරනවා.චීනයේ විවිධ ප්‍රදේශවල ජීවත්වන සුනඛ මාංශ ලෝලින් මේ කාලයේදී මෙහි පැමිණ සුනඛයන් මරාදමන අයුරු සජීවීව දැක රස විඳිමින් මුදල් ගෙවා විවිධ ආකාරයට සකසා ඇති සුනඛ මස් අනුභවයෙහි යෙදෙනවා.

මෙහිදී මරා අනුභවයට පත්වන සුනඛයින් මුළු චීනයෙන්ම සපයා ගන්නවා.සුනඛ සොරුන් විසින් නිවෙස්වල ඇති කරන සුනඛයින් පවා මෙහි සොරකම් කර රැගෙන එනුලබනවා.ඊට අමතරව මොවුන් ඉදිරි වසර සඳහා සුනඛ පැටවු බෝ කර විශාල පරිමාණයෙන් ඇතිකරනු ලබනවා.චීනයේ සත්ව හිංසන පිටුදැකීමේ සංවිධාන බොහෝමයක් නිසා සුනඛයින් ප්‍ර‍වාහනය කරන ලොරි රථ අහම්බෙන් මෙන් නීතිමය තත්වයක් යටතේ අත්අඩංගුවට ගනු ලබනවා.එහෙත් එය ඉතා ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සත්ව හිංසන පිටුදැකීමේ සංවිධාන පවසා සිටිනවා.

උත්සවය ඇති කලාපයට රැගෙන එන සුනඛයින් බොහෝමයක් සිරවූ කූඩු තුලම මිය ගොස් සිටිනවා.මිය ගිය සුනඛයින් හා මිය නොගිය සුනඛයින් පන පිටින්ම නටන උණුවතුරට දමා තම්බාගනු ලබනවා.එයින් ඔවුන්ගේ ලොම් ගැලැවී යනවා.පසුව අත්ගිනි විදිනයක් මගින් බාහිරව රෝස්කරනු ලබනවා.පසුව බඩ පලා අභ්‍යන්තර ශරීර කොටස් ඉවත් කරනු ලබනවා.පසුව මස්කපා විවිධ ආකාරයට සකසා අනුභවයෙහි යෙදෙනවා.

13319828_1360857233931345_6175760426755491363_n

13245407_1360850987265303_7757057252264409707_n

තවමත් මෙම උත්සවය චීනය තුල තහනම් වී නොමැති අතර මෙවරත් එය ජූනි 21 සිට 25 දක්වා සමරන්නට මොවුන් පිඹුරුපත් සකසමින් සිටින අතර සුනඛයින් විශාල වශයෙන් ප්‍ර‍වාහණයද අරඹා තිබෙනවා.එහෙත් චීනයේ මෙන්ම ලෝකයේ බොහෝ මිනිසුන් මෙයට විරුද්ධව උද්ගෝෂණ ආරම්භකර තිබෙනවා.“සුනඛයා යනු බොහෝ බුද්ධිමත් ඔබ වෙනුවෙන් පෙනී සිටින ඔබේ පවුලේ අයෙකු මිස ඔබේ ආහාරය නොවේ“ යන පාඨය යටතේ චීනයේ මෙන්ම ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් මෙම උත්සවයට මෙවරත් විරෝධය පාමින් සිටිනවා.එහෙත් ගිය වරද මෙම විරෝධතා නොතකමින් සුනඛයන් 20,000 පමණ මරා අනුභවයෙහි යෙදී තිබුනා.

ලෝකයේ ඇති දරුණුතම උත්සවයක් ලෙස හඳුන්වා ඇති මෙය.මේ වසරදීවත් නවත්වා ගැනීමට ලොව වටා බලමුළු එක්රොක් වෙමින් තිබෙනවා.ඔබත් ඔබේ ආදරණීයයන් මරණයෙන් බේරාගැනීමට මෙම “යුලින් සුනඛ මස් අනුභව උත්සවයට“ විරුද්ධ වන්න.ඒ සඳහා පහත දැක්වෙන සයිබර් පෙත්සම අත්සන් කරන්න.

http://stopyulinforever.org/

– හසිත හේරත් –

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles