Friday, April 26, 2024

ඉන්දියාවේ සහයෙන් ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට සුඩානය සැරසෙයි.

සුඩානයේ පසුගියදා සිදුකළ පළමු අක්මා බද්ධ කිරීමේ සැත්කම් දෙක සාර්ථක වීමෙන් පසු ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීමට එරට රෝහලක් සූදානම් වන බව වාර්තා වේ.

මවක් තම දියණියට පරිත්‍යාග කළ අක්මාවක් බද්ධ කිරීම පළමු සැත්කම ලෙසත් පසුගිය බ්‍රහස්පතින්දා පුතෙකු පියෙකුට කල පරිත්‍යාගක් අනුව දෙවැනි සැත්කමත් සාර්ථක වීමෙන් පසු ආලියා විශේෂිත රෝහල ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට සූදානම් බව පැවසේ.

රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ, ස්නායු ශල්‍ය වෛද්‍ය, මේජර් ජෙනරාල් වෛද්‍ය සකාරියා ඊබ්‍රහිම් මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේ වසර පහකට පෙර රෝහල විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර රට තුළ අක්මා බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට සැලසුම් කර තිබු බවයි.

අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රෝගීන් 50 ක් මාසිකව විදේශ ගත වන අතර, ඒ සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් 40,000 සිට 55,000 දක්වා වේ.

අක්මා බද්ධ කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්ම දෙක සාර්ථක වූ බවත්, මේ වනවිට රෝගීන් දෙදෙනා යහපත් තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍ය සකාරියා ප්‍රකාශ කළේය.

ඉන්දියා මනිපාල් රෝහල සමඟ සන්නිවේදනය කිරීමෙන් පසු එහි සහය සහිතව ශල්‍ය වෛද්‍ය කණ්ඩායම් දෙකක් මෙම සැත්කම් දෙක සිදු කළ බව සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles