Wednesday, May 1, 2024

බෙහෙත් ගන්න දුන්න සල්ලි වලින් යකඩ ගේන්න යයි…

අසල්වැසි ඉන්දියාව ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා පමණක් කෙටි කාලීනව ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සූදානමක් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගයක් හරහා දැනගන්නට ලැබෙනවා.

මෙම ණය මුදලෙන් මේ වනවිට ඩොලර් මිලියන 250ක මුදලක් වියදම් කර අවසන් බවද වාර්තාවනවා.ඉන් පසුව ඉතිරි වූ මිලියන 750න් කොටසක් මෙලෙස වානේ ආනයනය සඳහා යෙදවීමට සූදානම් බව මෙම ආරංචි මාර්ග සඳහන් කරනවා.

රටට ආහාර , ඉන්ධන , ගෑස් ආනයනයට මුදල් නොමැති අවස්ථාවක මෙම පියවර පිළිබදව බොහෝ ආර්ථික විශේෂඥයන් කනස්සල්ල පළකරනවා. මෙම වානේ ගනුදෙනුව පිටුපස ඉහළ දේශපාලන සබඳතා ඇති ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටි බවද අනාවරණය වේ. මේ අතර හදිසි ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාවට තවත් ඉන්දියානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ද ලැබීමට නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles