LPL ක්‍රීඩක තෝරා ගැනීම ( Player Draft ) අද රාත්‍රියේදි

0
333

2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම අද පැවැත්වෙනවා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.

LPL තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩකයන් 300 ක් සහ විදේශීය ක්‍රීඩකයන් 300 ක් ලියාපදිංචි වී තිබෙනවා. කෙසේ නමුත් එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනෙකු බැගින් ක්‍රීඩකයන් 100 කට පමණක් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමි වේ. ඒ, දේශීය ක්‍රීඩකයන් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 06 දෙනෙකු වශයෙනි.

කණ්ඩායම් පහක් සහභාගි වන LPL තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. හම්බන්තොට සහ කොළඹ නගරවලදී තරග පැවැත්වීමටයි සැළසුම් කර තිබෙන්නේ. මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here