Sunday, May 19, 2024

අද පාර්ලිමේන්තුව රැස්වේ.. පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය වස‍යි.

දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වාහන ගමනාගමනය සඳහා වසා ඇත.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වනවා. පැවති අර්බුද මධ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම මෙයයි. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේදී ද වෙනසක් සිදුවනු ඇති.

මේ අතර අද පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය තීරණය කිරීම සඳහා උදෑසන අටයි තිහට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීම සඳහා විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව අද විවාදයට ගැනීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. 

හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමද අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles