Saturday, May 18, 2024

චීනයේ දුර්ලභ පස් ගණන් උස්සයි.

බොහෝ නවීනතම නිෂ්පාදන සඳහා තීරණාත්මක අමුද්‍රව්‍යන් වන දුර්ලභ ගණයේ පාංශු සඳහා වන ඉල්ලුම සැපයුමට වඩා ඉහල යාමත් සමග චීනයේ එම පාංශුවල මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

බොහෝ නවීනතම නිෂ්පාදන සඳහා තීරණාත්මක අමුද්‍රව්‍යවල ලොව ප්‍රබලම නිෂ්පාදකයා වන්නේ චීනයයි.

චීනයේ දුර්ලභ පාංශු කර්මාන්ත සංගමයට අනුව දුර්ලභ පාංශු ඔක්සයිඩ 21ක සහ සංයෝජන නිෂ්පාදනවල මිල පසුගිය වසරට සාපේක්ෂව 99% කින් ඉහල ගොස් තිබේ.

ෂැංහයි පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, දුර්ලභ පාංශු වන -නියෝඩියමියම්සහ ප්‍රේසෝඩියමියම් ඔක්සයිඩ්වල සාමාන්‍ය මිල ගණන් 135% කින් හෙවත් ටොන් එකක් ඩොලර් 173,315 කින් වැඩි වී ඇත.

චීනය සතුව දුර්ලභ පාංශු සංචිත ටොන් මිලියන 44 ක් ඇති අතර එය ගෝලීය තොගවලින් සියයට 36.7 ක් වේ.

2020 දී චීනය දුර්ලභ පාංශු ටොන් 140,000 ක් නිෂ්පාදනය කළ අතර එය ගෝලීය නිෂ්පාදනයෙන් සියයට 60 කට ආසන්න බව ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles