Friday, May 3, 2024

සතොසින් විතරක් ලාබෙට ගත්ත සහල් දැන් සුපර් මාර්කට් එකෙනුත්..

පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත එළෙඹෙන සතිය තුළ නිකුත් කිරීමට සුපිරි වෙළෙදසැල් ජාලයේ නියෝජිත මහත්ම මහත්මීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා වෙළෙද හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමන්, අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සුපිරි වෙළෙදසැල් ජාලයේ නියෝජිත මහත්ම මහත්මීන් සහභාගී වුණා.

එක් පාරිභෝගිකයෙකු සඳහා සහල් කිලෝ ග්‍රෑම් පහක (05) උපරිමයකට යටත්ව ලබාගත හැකි අතර එම සහල් වර්ග අලෙවි කරනු ලබන සිල්ලර මිල ගණන් පහතින් .

සහල් වර්ගය කිලෝ ග්‍රෑම් එකක මිල (රු)
නාඩු සහල් 145.00
සම්බා සහල් 175.00

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles