සාර්ස්-CoV-2 හෙවත් කොවිඩ්-19 ලෙසින් වඩාත් හොඳින් හඳුන්වනු ලබන මාරාන්තික වෛරසය මිනිසා විසින් සාදන ලද ව්‍යසනයක් ද නැතහොත් ස්වභාවික වසංගතයක් ද යන්න පිළිබඳ මතභේදය තවමත් විසඳි නැති බව හැනොයි හි මාධ්‍යවේදියෙකු හා ඉන්දු-පැසිෆික් මධ්‍යස්ථානයේ අන්තර්ගත කළමනාකරුවෙකු සහ උපායමාර්ගිකයකු ලෙස සේවය කල තු ඩාඕ පෙන්වාදී ඇත.
චීනය කිසිදා දියුණු ජෛව අවි වැඩසටහනක් පිළිගෙන නැතත්, අතීතයේ දී චීනය විසින් බොටියුලිනම් විෂ සහ ඇන්ත්‍රැක්ස්, කොලරාව, වසංගත රෝග කාරක ඇතුළත් ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය කර ඇති බව ඔහු පෙන්වාදෙයි.
ජෛව අවි සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ගබඩා කිරීම යුද අපරාධයක් ලෙස 1972 ජීව විද්‍යාත්මක අවි සම්මුතිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඓතිසික වශයෙන්, අතීතයේ වඩාත්ම විනාශකාරී ගෝලීය වසංගත සමහරක් චීනයෙන් මතු වී ඇත. 1346 සිට 1353 දක්වා අප්‍රිකාව, ආසියාව සහ යුරෝපය විනාශ කළ සහ මිලියන 200 ක් පමණ ජීවිත බිලිගත් වසංගතය ඊට උදාහරණයකි.
1918 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය “ස්පාඤ්ඤ උණ” ලෙස හඳුන්වනු ලබන අතර,එය ගෝලීය වශයෙන් මිලියන 50 ක ජනතාවක් මරා දැමූ සියවසේ මාරාන්තික වසංගතය ලෙස සැලකේ. එය වසරකට පෙර චීනයෙන් ආරම්භ විය.
එපමනක් නොව, එක්සත් ජනපද බුද්ධි තොරතුරු පිළිබඳ ස්ථිර තේරීම් කමිටුවේ රිපබ්ලිකානුවන් විසින් කොවිඩ් -19 මූලාරම්භය පිළිබඳව නිකුත් කරන ලද මෑත වාර්තාවක නිගමනය කර ඇත්තේ චීනය සාර්ස්-CoV-2 ජීව විද්‍යාත්මක අවියක් ලෙස සංවර්ධනය කර ඇති බවයි.