ඇපල් මිලදී ගැනීමට ටාටා සුදානම්

0
354

ඉන්දියානු ටාටා සමූහය විසින් ලෝක ප්‍රකට කර්මාන්ත ශාලාවක් අත්පත් කර ගැනීමට සුදානමින් සිටින අතර, එමඟින් ඉන්දියාවට සිය ප්‍රථම ගෘහස්ථ iPhone නිෂ්පාදන කර්මාන්ත ශාලාව හිමිවනු ඇති බව වාර්තා අනාවරණය කරයි.

ටාටා සමූහ ව්‍යාපාරය iPhone කර්මාන්තශාලාවේ හිමිකරු වන තායිවාන විස්ට්‍රෝන් (Wistron) සමාගම සමඟ මාස ගණනාවක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, මාර්තු මස අග වන විට කර්මාන්ත ශාලාව මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා පෙන්වාදෙයි.

විස්ට්‍රෝන් සමාගමේ සහාය ඇතිව ටාටා සමුහය විසින් ප්‍රධාන iPhone නිෂ්පාදන මෙහෙයුම අධීක්‍ෂණය කිරීමට සූදානම් වන බව පැවැසේ.

විස්ට්‍රෝන් යනු ෆොක්ස්කොන් සහ ෆෙගට්‍රෝන් සමාගම් සමඟින් ඉන්දියාවේ ක්‍රියාත්මක තායිවාන ඇපල් නිෂ්පාදකයන් තිදෙනාගෙන් එක් සමාගමකි.

පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ ඇපල් අයිෆෝන් අපනයනය, ඊට පෙර මූල්‍ය වර්ෂයේ දී මෙන් දෙගුණයකින් පමණ වැඩි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here