Friday, May 17, 2024

අද කාළගුණය දරුණු වෙයි…

අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද දිනයේ පැවති තද වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවද ඔවුන් පෙන්වා දෙනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් අද (06) දින දහවල් 12:09 ට බෙන්තොට (කළුතර දිස්ත්‍රික්කය), පොතුපිටිය (රත්නපුර දිස්ත්‍රික්කය), බෝදාගම(මොණරාගල දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයේ මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ,රඹුක්කන, රුවන්වැල්ල ,යටියන්තොට,බුලත්කොහුපිටිය ,මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ප්‍රදේශයටද ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටද ,රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද නායයෑමේ රතු අවදානම් නිවේදන බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,කළුතර ,මහනුවර ,කෑගල්ල, කුරුණෑගල ,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර අද (06) රාත්‍රී 8.30 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles