Wednesday, May 8, 2024

ඉදිරි දින 10කට අවශ්‍ය පෙට්‍රල් – දින 14කට අවශ්‍ය ඩීසල් තියනවා – කංචන විජේසේකර

ඉදිරි දින 10ක් සඳහා අවශ්‍ය පෙට්‍රල් තොග පවතින බවත් දින 14ක් සඳහා අවශ්‍ය ඩීසල් තොග පවතින බවත් බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

කිසිම ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

නමුත් ඉන්ධන බෙදා හරිම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමාණවත් තරම් ඉන්ධන මෙරට නොමැති බවට කළ ප්‍රකාශයට ප්‍රතිඋත්තර දෙමින්.

රඹුක්කන දක්වා ඉන්ධන රැගෙන ගිය බවුසරය උදෑසන 8.20 මුතුරාජවෙල පර්යන්තයෙන් පිටත් වූ බවත් එය ස්ථාන 3කට ඉන්ධන රැගෙන යාමට පිටත් වූ රථයක් බවත් මෙය කිසිසේත්ම මිල අඩු අවස්ථාවේ පිටත් වූ රථයක් නොවන බවත් බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

කෙසේවෙතත් අද ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට, රියදුරන්ට සහ දුම්රිය රියදුරන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස යුද හමුදාවෙන් සහ පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ආරක්ෂාව නොලැබුණහොත් අද, හෙට, අනිද්දා යන දිනවල ඉන්ධන බෙදා හැරීම සිදු කළ නොහැකි බවත් , එමගින් රෝහල්වලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වුවහොත් රෝගීන්ගේ වගකීම විපක්ෂය භාර ගත යුතු බවත් කංචන විජේසේකර මහතා අවධාරණය කළා.

අවශ්‍ය තරම් ඉන්ධන පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

රඹුක්කන දී සිදු වූ මරණය වෙළඳ භාණ්ඩයක් කර ගන්න විපක්ෂය උත්සහ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පලකරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles