Friday, April 26, 2024

සුළං හමයි.විදුලියද කොටයි..හෙන හඬ පැතිරෙයී…

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව ඔවුන් ප්‍රකාශ කළා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් පූර්වාරක්‍ෂක පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology – Sri Lanka ) සාමාන්‍ය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles