චීනයෙන් පලා ගොස් දැන් තුර්කිය වැනි තුන්වන රටවල ජීවත් වන 10,000 ක පමණ වන උයිගුර් සහ අනෙකුත් සරණාගත කණ්ඩායම්වලට සිය රටට ඇතුළුවීමට ඉඩසලසන ලෙසට කැනඩා රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ කැබිනට් මණ්ඩලයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ලිබරල් පක්ෂ මන්ත්‍රී සමීර් සුබේරි විසිනි.
කලාපයේ අනෙකුත් සුළු ජාතීන් සමඟ උයිගුර්වරු චීන රජයෙන් බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට ලක්ව සිටින හෙයින් මෙම යෝජනාවට සහය දෙන ලෙස සුබේරි පවසා ඇත.
අයිතීන් සුරැකීමේ කණ්ඩායම් සහ මාධ්‍ය වාර්තා පවසන්නේ චීන රජය සින්ජියැන්ග්හි විශාල වශයෙන් මුස්ලිම් උයිගුර් ජනගහනයට මෙන්ම අනෙකුත් සුළු ජාතීන්ට එරෙහිව බරපතල මානව හිමිකම් කඩකර ඇති බවයි.
මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ලබන බදාදා කැනඩා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, සුබේරි කැබිනට් අමාත්‍යවරුන්ගෙන් එයට සහාය ලබාදෙන ලෙස ඉල්ලා ඇත.