Friday, April 26, 2024

අධ්‍යාපන අමාත්‍යංශය එළවළු වවයි!

රටපුරා සියළු පාසල් භූමි  විශ්ව විද්‍යාල භූමි සහ විද්‍යාපීඨ භූමිවල ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන ආයතන පරිශ්‍රවල ඉඩකඩ ප්‍රයේජනයට ගනිමින් සිසුන්ගේ සහ කෘෂි උපදේශකවරුන්ගේ එකඟතාවයෙන් මෙම වගා සංග්‍රාමය ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  සඳහන් කරයි.

රටේ පවත්නා ආහාර අර්බුදයට කඩිනම් විසඳමක් ලෙස මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. ඒ අතරම

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

එම විගණනය අවසන් කරන තෙක් කිසිදු සිසුවකු ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට කටයුතු නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles