Friday, May 20, 2022

විපක්ෂේ නායකයෝ හදිසියේම හිටපු ජනපතිනිය හමුවේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. රටේ ඇතිවී තිබෙන ආර්ථික ගැටලුව, දේශපාලන අස්ථාවරත්වය විසඳීම සහ තරුණ තරුණියන්ගේ උද්ඝෝෂණ ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මූලික සාකච්ඡාවක් එහිදී සිදුකර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරු ජයසුරිය, චම්පික රණවක, රංජිත් මද්දුමබණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්. ඒ සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ද ඊට එක්වූ බව වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles