Friday, April 26, 2024

රනිල් හදිසියේම කිව්ව දේ…

සියලුම විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් අත්හිටුවීමට තීරණය කිරීමත් සමග අර්බුද රැසක් නිර්මාණය වෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ඉන් රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇති බවය. රජයේ එම තීරණය හරහා රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමක් බවද ඔහු පෙන්වා දෙයි. මැයි මාසයේ මැද භාගය වනවිට ඉන්දියානු ණය පහසුකම අවසන් වන බවත් විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වනවිට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැති බවත් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ හේතුවෙන් රජය කිසිදු කොන්දේසියකින් තොරව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කරගත යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles