Wednesday, May 1, 2024

අගමැති රනිල් රවීට පලා බෙදයි..

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිය අමාත්‍යංශයේ විෂය පථයට ඇතුලත් සංස්ථා, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතනවලට පත්කරන ලද සියළුම සභාපතිවරුන්ට, ආයතන ප්‍රධානීන්ට හා ඉහළ පෙළේ නිලධාරීන්ට වහාම ඉල්ලා අස්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝගකර තිබේ.

මේ නිසා මුදල් අමාත්‍යංශයේ කටයුතු බරපතල ලෙස බිඳවැටී ඇති අතර වරින්වර නිලධාරීන් පත්කිරීම නිසා ආයතනවල කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

අදාල ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ අද දිනයේ වන අතර රටේ ආර්ථිකය සකස්කරන ආකාරය පිළිබඳව මුදල් ඇමති විසින් කළයුතු ප්‍රකාශ හා සැලසුම් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීය.

මේ නිසා දැන් මුදල් අමාත්‍යංශයේ පාලනය රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇති අතර ඇමතිවරයා වන රවී කරුණානයකට සිදුව ඇත්තේ බකන් නිලාගෙන සිටීමට පමණි.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles