Monday, May 6, 2024

“කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලුවේ අනුර කුමාර“ – ගෝඨාභය

මින් පෙර 2012 වර්ෂයේ අප්‍රේල් මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අතඅඩංගුවට ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලීම් කලේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෙළිදරව්කර ඇත.

“සත්හඬ“ පුවත්පතේ මාධ්‍යවේදියෙක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස හෙළිදරව්කර ඇති අතර එවකට රජය සහ ජ.වි.පෙ අතර තිබූ අවබෝධාත්ම සබඳතාව නිසාවෙන් එලෙස ඉල්ලීම ඉටුකිරීමට කටයුතු කල බවත් සඳහන් කර ඇත. එවකට ආරක්ෂක අංශ වලට කුමාර් ගුණරත්නම් නිවැරදිවම හඳුනාගැනීමට ආරක්ෂක අංශ සහ ජ.වි.පෙ අතර ඡායාරූප හුවමාරුවක්ද සිදුව ඇතිබව මේ වනවිට හෙළිදරව්වී ඇත.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කල මෙම කරුණු හෙලිදරව් කිරීම සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩලය විසින් වාරණය කර ඇති බවද වාර්තාවේ. කර්තෘ මණ්ඩලය නියෝජනය කරන රුවන් ෆර්ඩිනැන්ඩස්, ප්‍රභාත් වීරරත්න, සුභාෂ් ජයවර්ධන, දයා නෙත්තසිංහ යන අය විසින් මෙම වාරණය සිදුකර ඇති බැවින් ගෝඨාභය සමග අදාල සාකච්ඡාවේ කොටස ප්‍රසිද්ධ කිරීම වලක්වා ඇත.

එසේම මෙවර කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගය ලැබී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් බවද වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ සමග එම සාකච්ඡාවේ පටිගත කල හඬපටයද සත්හඬ පුවත්පත සතුව ඇති බව දැනගන්නට ලැබෙන අතර අදාල හෙළිදරව්ව එලෙස වාරණය කිරීමට හේතුව තවමත් වාර්තාවී නොමැති නමුත් එය ඉක්මණින් හෙළිදරව් කිරීමට CIA සූදානමින් සිටියි.

අදාල හඬපටය

 

සත්හඬෙන් පිළිතුරු

මෙම පුවතට පිළිතුරු ලබාදෙමින් සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩලය ප්‍රකාශ කලේ මේ පුවත වාරණය කිරීමට බලාපොරොත්තුවක් නැති බවත්, අනුර කුමාර දිසානායක මහතාගෙන්ද මේ පිළිබඳව පිළිතුරු ලබාගැනීමට ඔහු සම්බන්ධ කිරීමට උත්සහ ගත්තද තවමත් එය සාර්ථකවී නැති බව ද සඳහන් කලහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles