Tuesday, May 14, 2024

අගමැති වෙන්න හීන බලන බඩතඩි මන්ත්‍රීතුමා

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟවැදී ජයග්‍රහණය කරන ලද සුප්‍රසිද්ධ දේශපාලන පවුලක මන්ත්‍රීවරයෙක් පසුගිය දිනක හදිසියේම ලංකාවේ ප්‍රකට කේන්දරකරුවෙක් නිවසට කැඳවා තමන්ගේ අනාගත දේශපාලන ජීවිතය ගැන විමසා ඇත.

කේන්දරකරුවා පවසා ඇත්තේ අදාල බඩතඩි මන්ත්‍රීවරයාට මෙරට දේශපාලනයේ දෙවැනි ඉහලම තනතුර වන අගමැති පදවිය පවා ලැබීමට තරම් වාසනාවක් තිබෙන බවය. මෙය ඇසූ මන්ත්‍රීවරයාට මින් ටික කලකට පෙරද මෙවැනිම අනාවැකියක් තමන්ට වෙනත් කේන්දරකරුවෙකු කියූ බව සිහිපත් විය.

පළාත් දේශපාලනයේ සිට ජාතික දේශපාලනයට පැමිණි තමන්ට අගමැති පදවිය පවා ලැබීමට පින ඇති බව අසා මේ දිනවල ඔහුගේ ප්‍රධානතම කටයුත්ත වී ඇත්තේ අගමැතිකම ගන්නට ඇති “කෙටි මාර්ග“ සෙවීම බව ඔහුගේ මිතුරන් පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles