Wednesday, May 15, 2024

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි. කාල සටහන මෙන්න

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541ක ධාරිතාවක් අහිමි වන බැවින් අද දිනයේදී කාණ්ඩ 3ක් යටතේ පැය දෙක බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලිය කප්පාදු කිරීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව අද දිනයේ කාණ්ඩ 11ක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර අදාළ කාණ්ඩ සහ විදුලි කප්පාදු කාලසටහන පහත පරිදි වේ.

  • A, B, C කාණ්ඩ සඳහා පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 අතර කාලය තුළ පැය දෙකක විදුලි කප්පාදුවක් ද
  • අනෙකුත් කාණ්ඩ සඳහා පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 අතර කාලය තුළ පැය තුනක විදුලි කප්පාදුවක් ද සිදු කරනු ඇත.

යළිත් වරක් මුළු දිවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීම ඊයේ සවස 4.30 සිට ආරම්භ වූ අතර, ඒ අනුව රාත්‍රී 10.30 දක්වා පැය 2ක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරුණා.

එහෙත් ඇතැම් ප්‍රදේශවලට පැය දෙකකට අධික කාලයක් විදුලි කප්පාදු කර තිබූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ඊයේ (22) ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදුව සිදුකෙරුණේ අදාළ කාලසටහනෙන් තොරව අවිධිමත් ආකාරයට බවට විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා.
අඛණ්ඩ විදුලි සැපයුම සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මෙරට තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හා ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන්.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය – වෙස්ට් කෝස්ට් සහ කැලණිතිස්ස බලාගාර තවදුරටත් පවතින්නේ අක්‍රීය තත්ත්වයකයි.

විදුලිය විසන්ධි කිරීම්වලට අදාළ සියලුම කාණ්ඩ වල තොරතුරු පහත PDF එක මඟින් ලබාගත හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles