Tuesday, May 7, 2024

ආක්‍රමණශීලී ආගන්තුකයින්ව මට්ටු කරන්න මෛත්‍රී සැරසේ

ජෛව පද්ධතියට බාහිරින් ඇතුල්වී දේශීය විශේෂ පරයා වේගයෙන් ව්‍යාප්ත වන ජීවී විශේෂ ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ ලෙසින් හැදින්වේ. ගෝලීය වෙළදාම, ප‍්‍රවාහනය, සංචාරක, කර්මාන්තය හා දේශගුණික විපර්යාස හමුවේ මෙම විශේෂවල ව්‍යාප්තිය බහුලව සිදුවේ.
මෙවැනි ජීව විශේෂ ව්‍යාප්ත වීම හා එවායේ බලපෑම අවම කිරීමට පසුගිය රජයන් විවිධ උපාය මාර්ග හා වැඩසටහන් මනා සැළසුමක් හා කළමණාකරන යාන්ත‍්‍රණයකින් තොර වීම හා ඒ සදහා ශක්තිමත් නීති පද්දතියක් නොමැති වීම නිසා  සිදුවූ පාරසරික ආර්ථික හා සමාජීය බලපෑම දිනෙන් දින ඉහල ගොස් ඇත.
මෙය රටේ ඉදිරිගමනට හා සංවර්ධනයට සෘජුවම හා වක‍්‍රාකාරයෙන් බලපාන්නා වූ අභියෝගාත්මක තර්ජනයක් වුණා
මෙවැනි පසුබිමක ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය මැනවින් හදුනාගත් අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය, උපායමාර්ග හා ක‍්‍රියාකාරී සැලැස්ම මෑතකදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. අනතරුව වර්ෂ 2016 මාර්තු 30 වන දින ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණිා

මෙම ජාතික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම රටේ සමස්ථ පාරසරික පද්ධතියට සෘජුවම බලපාන අතර සමාජීය හා ආර්ථික වශයෙන් වක‍්‍රාකාරයේ ප‍්‍රතිලාභ රැුසක් අත්කර දීමට සමත්.
මෙමගින් මෙවැනි ජීවීන් කළමණාකරනය කිරීමට කාර්්‍යක්ෂම ආයතනික යාන්ත‍්‍රණයක් ඇතිකිරීමටත් යෝග්‍ය නෛතික රාමුවක් සකස් කිරීමටත් මග සැලසෙනු ඇත.
මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජගත් පරිසර දින සැමරුම පැවැත්වෙන මාතලේ දී අද දින(5) එළිදැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ ගෝලීය පරිසර පහසුකම අනුග‍්‍රහයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් ක‍්‍රියාත්මක කරන ආක‍්‍රමණිශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ව්‍යාපෘතිය
මගින් අදාළ සියළුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් ගොඩනැගුනු ශී‍්‍ර ලංකාවේ ආක‍්‍රමණිශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය හා උපායමාර්ගික ක‍්‍රියාකාරී සැලැස්ම ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන්ට පිළිගැන්වීම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා අතින් සිදු කෙරෙනු ඇත.

sin low

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles