Sunday, May 5, 2024

ආනයනික කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොදයි

කාබනික පොහොර ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වීම වැරදි වැඩක් බවත් එයට විරුද්ධ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කාබනික පොහොර ආනයනය කිරීම හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වන බවත් ඊට වඩා රසායනික පොහොර සුදුසු බව තමන් පවසන බවත් සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

වස විස වලට තම සංගමය විරුද්ධ වුවත් කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමෙන් තවත් අවුල් ජාලාවක් නිර්මාණයක් නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිතුමන් විසින් කාබනික පොහොර සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට තමන් නම් කර තිබුනද අද වනතුරු එහි එක රැස්වීමක් වත් කැඳවූයේ නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

එක්වරම කාබනික පොහොර භාවිතය යොමුවීම වැරදි බවත් එහි වරද තම සංගමය වෙත පැවරීම වැරදි බවත් ඔහු තවදුරටත් කියා සිටියේ ය.

“කාබනික පොහොර ලංකාවට ගෙන ඒක වැරදි වැඩක් අපි එකය විරුද්ධයි. ඒ ගැන කතාවක් නැහැ. ඒ කියන්නේ Biodiesel එකක් හොඳටම තියෙන රටක් මේ ලංකාව. ඒ ගෙනඒම නිසා අපිට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊට වඩා රසායනික පොහොර හොඳයි කියන එකත් කියන්න ඕනේ.

ඒ කියන්නේ අපි වසවිස එකට අපි විරුද්ධයි. ඒක වෙනම කාරණයක්. ඒ නිසා කාබනික පොහොර ලංකාවට ගෙනල්ලා වැඩේ තවත් අවුල් කරන්න එපා කියලා කියනවා.

අනිත් එක තමයි සමහර ඇමතිවරුත් කියලා තිබ්බා ගැසට් එක ගහන්න අපියි බලපෑවේ කියලා. ගැසට් එක ජනාධිපතිතුමා පළ කරා. එතුමා පළ කරාට පස්සේ ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරා කැබිනට් පත්‍රිකාවට. එවිට මාස 06කට කලින්. අද වෙනකම් මේ කාර්යසාධක බලකාය එක රැස්වීමක්වත් තිබ්බේ නැහැ. ඒ කාර්යසාධක බලකාය අහෝසිවෙලා ගියා. අපි මේවාට අදහස් ඉදිරිපත් කරන්න ලැස්තිවෙලා හිටියා.

එතකොට මේක එක සැරේම කරා කියලා මේකේ වැරැද්ද අපිට පටවන එක වැරදි. මේක ක්‍රමක් ක්‍රමයෙන් නියාමනයකට පිළිවෙලකට සිද්ධ වෙන්න ඕනේ. අනිත් එක බැටරි අරවා මේවා තියෙන ඒවා අරන් ගිහිල්ලා ඒවා කාබනික පොහොර කියලා දාන්න ඉඩදෙන්න හොද නැහැ.

ඒ නිසා මේවා පිළිබඳව සැලසුම් සහගතව වැඩපිළිවෙලක කරන්න ඕනේ කියන පැහැදිලිව ඒ මතේ අපි ඉන්නවා. ඒ නිසා මෙතන අපි මේ වසවිසෙන් තොර තැනක් ඇති කරගන්න උත්සාහ කරනවා මිසක්, අපිට අවශ්‍යතාවක් නැහැ මෙතන. අපි ගොවියා බේරගන්න අපි බැස්සේ. ගොවියා වෙනත් විදියේ අපහසුතාවක් පත්වෙන දෙයක් ගැන අපි කතා කරන්නේ නැහැ.“

දෙරණ නාලිකාවේ පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles