Friday, April 26, 2024

ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට…?

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමේ තීරණය ලබන මාර්තු මාසය දක්වා කල් දමා තිබෙනවා. ඒ, එම තරඟාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් බහරේනයේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණයකට එළඹීමට නොහැකිවීම හේතුවෙන්.

ආසියානු ක්‍රිකට් කුසලාන තරඟාවලිය පාකිස්තානයේදී පැවැත්වෙන්නේ නම් සිය කණ්ඩායම එම තරඟාවලියට එක් නොවන බවට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සිදුකර ඇති ප්‍රකාශය හමුවේ තරඟාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් එම අවිනිෂ්චිත තත්ත්වය ඇතිවී තිබෙනවා.

ඉන්දිය ක්‍රිකට් බලධාරීන් එම ස්ථාවරය ප්‍රකාශයට පත් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීයි. ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළේ ඉන්දියාව එවැනි තීරණයක් ගන්නේ නම් මෙම වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සිය කණ්ඩායම සහභාගි නොකිරීම පිළිබඳව සලකා බලන බවයි.

මෙම තත්ත්වය යටතේ 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්තානයෙන් ඉවත් කර වෙනත් රටකට ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බවටද වාර්තා පළ වනවා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles