Friday, April 26, 2024

ඇමරිකාව සහය දෙන බව රනිල්ට කියයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වි තිබෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව –  ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වූ අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟ විය. 

අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි  බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles