Wednesday, May 1, 2024

ඉදිරි මාස තුන භයානකයි – නොවරදින අනාවැකියක්…! – රනිල්

ඉතිහාසයේ පළමු වතාවට ජනතාව එක අරමුණකින් ආණ්ඩුව එළවා දැමීමට පාරට බැස ඇති මොහොතක ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී සිටින බව‍ත් මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (28) සඳහන් කර සිටියා.

කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහී තිබෙන බව පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා ඩොලර් හිඟය,ආදායම් අඩුවීම,වියදම් වැඩි වීම මෙන්ම දරාගන්න බැරි ණය බර ප්‍රධාන ප්‍රශ්න බව කියා සිටියා.

දරාගන්න බැරි ණයට ඇතුළත් වන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙන අතර ඉන් ප්‍රධාන කාරණය වන්නේ මෙරට සංස්ථා ණය බර බවත් විදුලි බල මණ්ඩලය 2021 දී බිලියන 79 ක පාඩුවක් ලබාගත් බව විදුලිබල ඇමතිවරයා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර පාඩුව මීටත් වැඩි බව ඇතැම් අය ප්‍රකාශ කරන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විදුලිබල මණ්ඩලය මේ වසරට බිලියන 100ක පාඩුවක් ලැබෙන බව ප්‍රකාශ කර ඇති අතර එක විදුලි ඒකකයක් සඳහා අයකරන්නේ රුපියල් 17ක් වන නමුත්  වියදම රුපියල් 53ක් බව සඳහන් කර ඇති බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles