Friday, April 26, 2024

ඉන්දියාවෙි සිට රහසිගතව මෙරටට රැගෙන ආ ලක්ෂ 70 කේරළ ගංජා තොගයක් STF අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු කේරළ ගංජා සන්තකයේ තබාගෙන ලොරි රථයක් මගින් ප්‍රවාහණය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 30, ග්‍රෑමි 673 ක්,  ජංගම දුරකථනු 01 ක් සහ එය ප්‍රවාහනයට කිරීමට යොදාගත් ලොරි රථයද වෙයි. අත්අඩංගුවට ගන්නාලද කේරළ ගංජා වල දළ වටිනාකම රුපියල් ලක්ෂ 70වකට අධික වේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles