Wednesday, May 1, 2024

මෙතෙක් කෝවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ COOK ISLAND රටෙනුත් කොරෝනා වාර්තා වෙයි

ලෝකයේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූඑකම රට වන කුක් දූපත් (Cook Islands) රාජ්‍යයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය මාක් බ්‍රවුන්ඩ් නිවේදනය කළේ වයස අවුරුදු 10ක දරුවෙකුට මෙලෙස කොවිඩ් ආසාදනයවී ඇති බවයි. කුක් දූපතේ (Cook Islands) පදිංචිකරුවෙකු වන මෙම දරුවා මීට දින කිහිපයකට පෙර නවසීලන්තයේ සිට පැමිණ ඇති බවයිවිදෙස්මාධ්‍ය වාර්තා කරන්නේ.

කුක් දූපත් සමූහය (Cook Islands) දකුණුපැසිපික් කළාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි සමස්ත ජනගහනය 17000 ක් පමණ වනවා. කොවිඩ් වසංගතය ආරම්භයේ සිට විදෙස් රටවල සිට පැමිණෙන්නන් සඳහා මෙම රට වසා තැබූ අතර මීට දින කිහිපයකට ඉහතදී නවසීලන්තය සමග පමණක් සීමිත සංඛ්‍යාවක් ගුවන් ගමන්වාර ආරම්භ
කරනු ලැබුවා. කුක් දූපත් (Cook Islands) හිමේ වනවිට කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණය යටතේ එන්නත් ලබාගෙන
ඇති ප්‍රතිශතය සමස්ත ජන ගහනයෙන් සියයට  96 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles