Saturday, May 4, 2024

එක කට්ටියක් උද්ඝෝෂණය කරල කෑමට සිනමන් ග්‍රෑන්ඩ් යනව… අනික් උද්ඝෝෂකයන්ට තුන්වේලවත් නෑ – රනිල්

සිරිකොතට පැමිණ ඕනෑම මොහොතක තමා හමුවිය හැකි බව තම නිවස අසලට පැමිණ විරෝධතා දැක්වූ පිරිසට දැනුම් දුන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පස් වන පටුමගේ පිහිටි නිවස අසල පැවැති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් සිරිකොතේ පැවැති තරුණ හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.

“එම සිද්ධිය ලොකු ප්‍රශ්නයක් නොවේ.මගේ ගෙදරට ඇවිත් වට කරන්නැයි දාලා තිබුණා.”ලේඩීස් කොලේජ්”එක ලඟට රැස්වී ඔවුන් ඇවිත් තිබුණා. ඉතින් ඉතින් “ලේඩීස් කොලෙජ්” එකේ ඉන්නේ අපේ අල්ලපු වැටෙි කෙල්ලොනේ.මේ කතාව වටේ ගිය නිසා කොළඹ අනෙක් අයත් ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්නට එතනට ඇවිත් තිබුනා.හදිසි නීතිය තිබුනත් කණ්ඩායම් දෙකටම අදාළ කටයුතු සඳහා පැය ගානේ ලබාදෙන බව පොලිසිය පැවසුවා.

ඉස්සෙල්ලා විරුද්ධ කණ්ඩායමට අවස්ථාව දුන්නා. මොකද උද්ඝෝෂණය ඉවර කර දවල් කෑම ගැනීම සඳහා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යන්න තිබෙන බව ඒ අය පැවසුවා.ඊට පස්සේ ආවෙ තුන් වේල අමාරුවෙන් කන මිනිස්සු.මා හමු විය යුතු බව පැමිණි පිරිස කියා තිබුණා .ඕනෑම වෙලාවක සිරිකොතට පැමිණ හමුවිය බව හැකි බව මා පැවසුවා.”යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles