Wednesday, May 15, 2024

ඔබ ඉහළම ඡන්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිනම් ඔබෙන් ඇති පලය කුමක්ද ? – කාදිනල් හිමි නිමල් ලංසාගෙන් අසති

ජනාධිපතිට ලියුම් ලියලා මට දැන් එපා වෙලා. පොතකට තරම් ලියුම් දැනට යවලා තියනවා… කාදිනල් තුමෝ කියති…
ඔබ ඉහළම න්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිනම් ඔබෙන් ඇති පලය කුමක් දැයි නිමල් ලංසාගෙන් අසති….


පසුගිය සිකුරාදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අගදරගුරු සමුළුව කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබූ අතර මේ සඳහා රජය නියෝජනය කරන පාර්ලිම්න්තු මන්ත්‍රිවරුන් අතරින් පැමිණ සිටි එකම මන්ත්‍රීවරයා වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සමුළුව ඉදිරියේ මහත් අසීරුතාවකට පත් වූ බව ඊට සහභාගීවූ මන්ත්‍රිවරයෙක් පැවසීය.

ආණ්ඩු පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් ගණනාවකට මේ සඳහා ආරාධනය කර තිබුණද ඔවුන් මෙම රැස්වීම මඟ හැරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ වීම හේතුවෙන් එල්ල වි හැකි විවේචනවලට බියෙන් බව වාර්තා වේ.

මෙම සමුළුවේදී කතෝලික සභාව දැනට රටේ කතෝලික ජනතාව සම්බන්ධයෙන් බලපවත්නා ප්‍රශ්න තුනක් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කර ඇත.

මෙම කරණු වන්නේ පාස්කු කොමිසම් වාර්තාව සමබන්ධයෙන් සිදුවන නෛතික ක්‍රියාදාමයන්හි පවතින ගැටලු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කිරීම සහ මීගමුව ආශ්‍රිත තෙත් බිම් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධීකාරියට පැවරීම යන කරුණු පිළිබඳවය.

මෙම කරුණු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතා ලිපියක් යැවිය යුතු රදගුරු සමුළුවෙන් යෝජනා වුවද එහිදී කාදිනල්තුමන් පවසා ඇත්තේ මේ වනවිට තමන්ට ජනාධිපතිතුමන්ට ලිපි ලියා එපා වී ඇති බවය. මේ වනවිට පොතක් මුද්‍රණය කරන්නට තරම් ලිපි ඔහු වෙත යවා ඇතැයි කාදිනල් වරයා මෙහිදී සඳහන් කර ඇත.

ඔහුගේ මතය විපක්ෂ මන්ත්‍රිවරුන් විසින්ද අනුමත කරන ද අතර අවසානයේ පිළිතුරු දෙන්නට සිදුවූයේ ආණ්ඩුවේ එකම නියෝජිතයා වූ රාජ්‍ය අමාත්‍ය ලන්සාටය.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ කතෝලික සභාව විසින් දක්වන ලද අදහස් පිළිබඳව තමන්ට අවබෝධයක් ඇතත් ජනාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් විරුද්ධ වීමට තමන්ට හැකියාවක් නොපවතින බවය.

ඊට පිළිතුරු දෙමින් අගරදගුරු හිමිපාණන් තමන් පසුගිය මහමැතිවරණයේදී දිස්ත්‍රික්කයේ ඉහළ තැනක තබා පාර්ලිමේනතුවට යැවූ ආසනයේ ඡන්ද දායකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් හඬක් නැගීමටත් නොහැකි නම් එයින් අති පලය කුමක් දැයි විමසා තිබේ.

කාදිනල්වරයාගේ මේ ප්‍රකාශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා නිරුත්තර වූ බව මෙම මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles