Monday, April 29, 2024

චීන කාබනික පොහොර අඩංගු Hippo Spirit නෞකාව Seiyo Explore ලෙස නම වෙනස් කර ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙලා

හානිකර බැක්ටීරියා අඩංගු චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

තෙවැනි පරීක්ෂණයෙනුත් අසමත් වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ මෙම නැව පසුගිය දින කිහිපය පුරා දෙවුන්දරට නුදුරු ජාත්‍යන්තර මුහුදේ නවතා තැබීමට පියවර ගෙන තිබිණ.

මේ වන විට අදාළ පොහොර තොගය නියමිත ප්‍රමිතියට නැති බව එනම් මෙරටට ඉතාම හානිකර බැක්ටීරියා ඇතුළත් බව අනාවරණය වී ඇත.

මෙහි ඇති විශේෂ සිද්ධිය වනුයේ, “හිපෝ ස්පිරිට්” “සේයියෝ එක්ස්පෝලර්” යන නැව් දෙකේම IMP නොම්බර් (එනම් නැවක් ලියාපදිංචි කිරීමෙන් පසුව ඒ සඳහා ලැබන හදුනාගැනීමේ නොම්බරය වේ. එය නැවේ ජීවත කාලයටම වෙනස් නොවන්නකි) සමාන වීමයි.මේ අනුව අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ ශ්‍රි ලංකාවේ අගිනි දිග මුහුදු තීරය තුලට මෙම නම වෙනස් කරන ලද “සෙයියෝ එක්ස්පෝලර් ” දැනටමත් ඇතුලු වී ඇති බවයි.

කෙසේ වුවත් චීන රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් මේ සම්බන්ධයෙන් එල්ලවී ඇති අතර පොහොර තොගයට අදාළ ගෙවීම් නොකිරීම හේතුවෙන් මහජන බැංකුව අසාදු ලේඛන ගතකළ බවත් දැනුම්දෙනු ලැබිණ.

මේ අතර මහජන බැංකුව ආශ්‍රිත ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙරට අධිකරණයක් නිකුත්කර ඇති වාරණයක් හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකිව ඇති බවයි.

මේ අතර මෙරට සිටින ප්‍රමුඛතම පාංශු විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ මෙකී බැක්ටීරියා ඇතුළත් බවට මෙරට දී දෙවරක් තහවුරු වූ පොහොර කිසිසේත් වගාබිමට නම් මුදානොහරින ලෙසය.

එහෙත් පසුගියදා චීන තානාපති කාර්‍යාලයේ කැඳවීමට ගිය ආණ්ඩුවේ ඇමතිවරුන් තෙවැනි පාර්ශ්වයක් හරහා මේ පොහොර සාම්පල පරීක්ෂා කිරීමට එකඟව ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles