Saturday, May 4, 2024

කරුණාකර අගමැතිධුරය භාරගන්න – ගෝඨාභය, මෛත්‍රී

අග්‍රාමාත්‍යධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා. 

විපක්ෂ නායකවරයා වෙත අද පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන එහි කටයුතු සිදුකර ගෙන යන ලෙසයි. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි විපක්ෂ නායකවරයා එහිදී ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ. 

පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයේ අත්සනින් යුතු යෝජනාවක් සම්මත කර තමන් වෙත දැනුම්දෙන ලෙසයි එහිදී ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ අතරම අග්‍රාමාත්‍ය ධුරය සමගි ජනබලවේගයට බාරගන්නා ලෙස පවසා ඇතත්, එයට තවමත් පිළිතුරක් නැති බව කැරලිකාර මන්ත්‍රී සන්ධානය පවසනවා.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඊයේ (07)දහවල් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ස්සී බව එහිදී ප්‍රකාශ වී ඇත

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles