Wednesday, May 1, 2024

කුරින්ඥන්කර්නි පාලම ඉදිකිරීමි සමිපූර්ණ වන තෙක් නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක්

කින්නියාහි කුරින්ඥන්කර්නි පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රා සේවයක් ආරම්භ කර තිබෙනවා.

කුරින්ඥන්කර්නි කළපුවේදී පසුගියදා පාරුවක් පෙරළිමෙන් ජීවිත හයක් අහිමිවූ වීමෙන් පසුව කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන පාලමේ ඉදිකිරීම් අවසන් වන තෙක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මැදිහත්වීමෙන් මෙම ආරක්‍ෂිත මඟී යාත්‍රා සේවාව ආරම්භ කෙරුණා.

නැගෙනහිර නාවික විධානයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක එකවර මඟීන් 25 දෙනෙකේ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මෙම මඟී යාත්‍රාව පෙරවරු 7.00 සිට 8.00 ට අතර සහ මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 අතර යන කාලය තුළ ක්‍රියාත්මකයි.

එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

රජය මගින් පාලම ඉදිකිරීමේ කටයුතු මේවනවිට කඩිනම් කර ඇති අතර මාස 9 කින් තනා නිම කරදෙන්නැයි දන්වා ඇත.
මෙම ස්ථානයේ සිට ගමන් ගත් පාලම් පාරුව පෙරලී ජීවිත හයක් අහිමිවීමේ ඛේදවාචකයෙන් පසු පාලම ඉදිකිරීම මගහැරිය දේශපාලකයින්ට ප්‍රහාර දියත්විය. විකල්ප බස් රථයටද ගල් මුල් එල්ල විය.
කෙසේ වෙතත් නව මෝටර් බෝට්ටුවට මගීන් කැමැත්තෙක් ගොඩවී එය ක්‍රියාත්මක මට්ටමට ගෙන ආ බව නාවික හමුදාව දන්වා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles