Tuesday, May 7, 2024

කොවිඩ් ගැන ප්‍රංශයේ අලුත්ම හෙළිදරව්ව

මොස්කව් ඔක්තෝබර් 13 (ෂින්හුවා) කොවිඩ් – 19 වෛරසය ඇතිකරන සාර්ස් කොවිඩ් – 2 වෛරසයේ මූලාරම්භය ලෙස සැලකෙන මතය ප්‍රංශය විසින් බැහැර කර තිබෙනවා.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ප්‍රාන්තයේ පිහිටි ගුහාවක් බවට වූ වාර්තා බැහැර කර ඇත්තේ නව ප්‍රංශ අධ්‍යනයකින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් මෙය සැප්තැම්බර් අග දී පාරිසරික පර්යේෂණ සඟරාව මාර්ගගතව ප්‍රකාශයට පත් කරන තිබෙනවා.

2012 දී ප්‍රාන්තයේ වැඩ කර පතල් කරුවන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවට වන උපකල්පනය ද එමගින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

ස්පුට්නික් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ පතල් කම්කරුවන්ට සෑදුණු රෝගයේ රෝග ලක්ෂණ, කොවිඩ් – 19 රෝගීන්ට වඩා බෙහෙවින් වෙනස් වන බවයි.

මාස 18 ක් තුල මිලියන 5කට වඩා මියගිය සහ මිලියන 200කට වඩා ආසාදනය කළ හැකි වෛරසයක් 2012 සිට 2019 දක්වා වසර 7ක් තුළ තුළ පැතිර නොයා තිබීම පිළිබඳව යමෙකු කල්පනා කල යුතු බව එම අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් වෙි.  (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles