Friday, April 26, 2024

ජේ.කේ. රෝලිං නවතම කෘතිය

ජනප්‍රිය හැරී පොටර් කතුවරිය වන ජේකේ රෝලිං පසුගිය අඟහරුවාදා ඇගේ පුත් ඩේවිඩ්ගේ සෙල්ලම් භාණ්ඩ ඇසුරුකරගෙන නිර්මාණය කරන්නට වූ නව කෘතියක් එළි දක්වන්නට විය.

එය නත්තල ඉලක්ක කරගත් කෘතියකි. The Christmas Pig යන නමින් පළ වූ එම කෘතිය මඟින් “අහිමිවිම සහ සොයා ගැනීම, ආදරය කිරීම සහ ආදරය ලැබීම, අප සමඟ නිරතුරුවම රැඳී සිටින දේ පිළිබඳව ගෙතුනු කතන්දරයක් බව කතුවරිය සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් පැවසුවාය.

මෙම අදහස ඇයට පැමිණියේ කුඩා අවදියේ සිටම ඇගේ පුතාගේ ප්‍රියතම සෙල්ලමක් වූ, හුරුබුහුටි සෙල්ලම් ඌරෙකු ආශ්‍රයෙනි.

මෙම කෘතිය එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය සහ ඉන්දියාවේ හචෙට් ළමා කණ්ඩායම විසින් ද, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ස්කොලස්ටික් විසින් ද, වෙනත් ප්‍රකාශකයන් විසින් වෙනත් භාෂා විස්සකටත් වඩා සහ ශ්‍රව්‍ය පොතක් ලෙස ප්‍රකාශයට පත් විමට නියිමිතයි.

56 හැවිරිදි රෝලිං 1965 වසරේ එංගලන්තයේ ඉපිද තිබේ. ඇය කතුවරියක් මෙන්ම, චිත්‍රපට නිශ්පාදකවරියක්, තිර රචනා ශිල්පිනියක් මෙන්ම, රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකවරියක් වේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles