Friday, April 26, 2024

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 ක් මේ සතියේ වෙළඳපොලට – ලිට්‍රො සමාගම

මෙම සතිය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රො ගෑස් සමාගම නිවේදනය කරනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න නිවේදනයේ සඳහන් ක‍රන්නේ පවතින ගෑස් හිඟයට හේතුවී ඇත්තේ ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අඩාල වීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම බවයි.

ගෑස් රැගත් නෞකාවක් වත්තල උස්වැටකෙයියාව තල්දියවත්ත ගෑස් බෝයාව වෙත ඊයේ පැමිණි අතර මේ වනවිට ඉන් අංගනය වෙත ගෑස් සැපයීම ආරම්භ කර තිබෙනවා.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළෙඳපොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව තවත් දින 6ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

දින කිහිපයක සිට පවතින ලිට්‍රෝ ගෑස් හිඟය හේතුවෙන් අදත් ඇතැම් ස්ථානවල පෝලිම් දක්නට ලැබුණා.

ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කළේ.

පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කළ බවද ඔහු සඳහන් කළා.

තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළෙඳපොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles