Saturday, April 27, 2024

ගෝඨා රජයේ ඉඩම් එක්ක සෙල්ලම් කළහැටි

ආරක්ෂක අමාත්‍යංශ යටතේ පවතින නාගරික සංවර්ධන අදිකාරියට අයත් ඉඩම් ආණ්ඩුවේ හිතවත් පෞද්ගලික ආයතන වලට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ආකාරය දැන් හෙළිවෙමින් පවතී .
අංක 14/1041/503/093 දරන කැබිනට් මණ්ඩල පත්‍රිකාවෙන් මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි අක්කර 2යි පර්චස් 15.5ක් ඉඩම සීමාසහිත අසිරි හොස්පිටල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙත බදු දී ඇත .රුපියල් මිලියන 670ක් තක්සේරු වටිනාකමක් ඇති බව කියන මෙම ඉඩම වසර පනහක් සඳහා  කොල්ලුපිටියේ පිහිටි රුඩ් එකයි පර්චස් 11.8ක ඉඩම වෙනුවෙන් අංක 14/1052/503/095 දරන කැබිනට් මණ්ඩල පත්‍රිකාව මගින් සී /ස ලී හේජස් ඉන්වෙස්ට්මන්ට් සමාගමට අනුනව අවුරුද්දක් සඳහා බදු දී ඇත . මේ සඳහා බදු ප්‍රතිෂ්ථාව රුපියල් 456,587,830/-ක්ය.
එමෙන්ම කැබිනට් මණ්ඩල අංක 14/1052/503/097 දරණ පත්‍රිකාව මගින් රාජගිරිය මාදින්නාගොඩ පිහිටි අක්කර එකයි රුඩ් එකයි පර්චස් 27.01 ක ඉඩම අනුනව අවුරුද්දක් සඳහා බදු දී ඇත . මේ සඳහා තක්සේරු කර තිබෙන වටිනාකම රුපියල් මිලියන 270ක් ය .මෙම ඉඩම
සී /ස අරලිය ග්රෑන්ඩ් කලම්බු හොටෙල් ( පුද්ගලික) සමගම වෙතය.
රාජගිරියේ පිහිටි ඉඩම සහ කොල්ලුපිටියේ පිහිටි ඉඩම ලබා දී ඇත්තේ ” මිශ්‍ර සංවර්දන ව්‍යපෘති ” සඳහාය. කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ
ග්ලේන් වීදියේ විනිසුරු අක්බාර් මාවතේ කැසිනෝ සුදුව සඳහා ඉඩම් ලබාදෙන ලද්දේ ද “මිශ්‍ර සංවර්දන ව්‍යාපෘති ” යනුවෙන් නම්  කරමින්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles