Tuesday, May 7, 2024

නීතිපතිගෙන් CIDයට උපදෙස්

කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ ඔහුට ඇප ලබාදීමේ නියෝගය මේ වනවිට අත්හිටුවා ඇති බැවිනුයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරාගේ අත්සනින් යුතුව මෙම ලිපිය රහස් පොලිස් අධ්‍යක්‍ෂවරයාට යවා ඇති බව සඳහන්.

අලි ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ඇප ලබාදෙමින් නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න දුන් නියෝගය කොළඹ  මහාධිකරණය පසුගිය 13 වනදා තාවකාලිකව  අත්හිටවනු ලැබුුවේ ලබන 21 වනදා දක්වායි.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ අයදුම්පත සළකා බැලූ අවස්ථාවේදියි.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක නියෝග කළේ සැකකාර හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයාට මේ මස 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි. dinamina

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles