Saturday, May 4, 2024

ශෂින්ද්‍ර හෝටලයකට වැවක් ගොඩ කරපු හැටි

ශෂින්ද්‍ර රාජපක්ෂ කතරගම ගිරිකටුව වැව ගොඩකර මහා පරිමාණයෙන් සංචාරක හෝටලයක් ඉදිකරයි.ගිරිකටුව වැව කතරගම සෙල්ලකතරගම පිහිටා තිබේ. ඌව පළාත්සභා ප්‍රතිපාදන යොදවා මෙම වැවේ වැව් තාවුල්ල පුළුල් කර මඩ ඉවත් කිරීමේ මුවාවෙන් වැව හාරා ඇති අතර ඉන්පසු වැව තුල කොන්ක්‍රීට් කණු සිටවා ඒ මත කුඩා ගෙවල් ( කොටේජ් ) ඉදි කරඇත .වැවේ ජලය පිරුණු විට එම නිවාස වැව් දියේ පාවෙන
ස්වාභාවයක් පෙන්නුම් කරනා අතර වැව් දියේ පාවෙන එම නිවාස වෙත යාම සඳහා බෝට්ටු යොදාගැනීමට සැලසුම් කර තිබුණි..
ආණ්ඩු පක්ෂයේ හිටපු මහඇමති වන්නේ ශෂින්ද්‍ර රාජපක්ෂය.කතරගම දේවාලේ බස්නායක නිලමේකම 2006 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ඉසිලු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් වරයෙක්ද වේ .ශෂින්ද්‍ර රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයාද වේ .සෙල්ලකතරගම නගරයේ සිට කිරිවෙහර පාරේ කිලෝමීටර ගිය තැන අක්කර විස්ස වැව හමුවන අතර ඉන් වමට හැරී මද දුරක් ගිය විට ගිරිකටුව වැව හමුවේ. ඔහු විසින් මැතිවරණ දිනවල බෙදා හරින ‘පිබිදෙන වෙල්ලස්ස ‘ මැතිවරණ පත්‍රිකාවේ ගිරිකටුව වැව ප්‍රතිසංස්කරණය කලබව සඳහන් කලද ඒ සඳහා පළාත් සභාවෙන් යෙද වූ මුදල සඳහන් කර නැත. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles