Monday, April 29, 2024

චීනයේ ගල් අගුරැ බලශක්ති ව්‍යාපෘති හේතුවෙන් දේශගුණ විපර්යාස සටනට බාධා.

චීනය තවදුරටත් වැඩි වශයෙන් ගල්අගුරු බලශක්ති ව්‍යාපෘතිවලට යොමුවීම හේතුවෙන් ලෝක දේශගුණික විපර්යාසය වැළැක්වීමේ වැඩපිලිවෙළට එරෙහිව දැඩි බාධා මතුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

දේශගුණික විපර්යාස පිලිබද ඇමරිකානු විශේෂ නියෝජිත ජෝන් කෙරී මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මේ තත්වය හේතුවෙන් 2050 වනවිට කාබන් විමෝචනය අවම කිරීමේ අන්තර්ජාතික වැඩපිලිවෙළේ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

චීනය මෑතකාලීනව ගල්අගුරු බලශක්ති භාවිතය ඉහළ නංවා ඇති අතර පසුගිය වසරේදී පමණක් ඔවුන් අලුතින් ගිගාබයිට් 38.4 ක,නව ව්‍යාපෘති ඇති කර තිබේ.

චීනය සහ ඇමරිකාව අතර මේ වනවිට හටගෙන ඇති අර්බුද හේතුවෙන් දෙරට අතර වන සාකච්ඡා බොහොමයක් බිද වැටී ඇත.

කෙසේවෙතත්, එම අර්බුදය ලෝක දේශගුණික විපර්යාස යට එරෙහි ඒකාබද්ධ වැඩපිලිවෙලට බාධාවක් කර නොගතයුතු බව ⁣ජෝන් කෙරී අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles