Monday, May 6, 2024

ජාතික පත්තරයක ප්‍රසිද්ධ කතුවරයෙක් FCID යට!

රාජපක්ෂ ආණ්ඩු සමයේදී රාජ්‍ය මාධ්‍ය ආයතනක රියැලිටි වැඩසටහනක් නිෂ්පාදනයට මහ පරිමාණයෙන් මුදල් ලබාගත් ජාතික පුවත්පතක විධායක කර්තෘවරයෙක් ගෙන් ළඟදීම කට උත්තර ලබා ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේම, චිත්‍රපට නිෂ්පාදනය කිරීමට රාජ්‍ය බැංකු වලින් විශාල වශයෙන් ණය ලබා ගනිමින්, එම මුදල් වෙනත් ව්‍යාපාර වලට යෙදවීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවී ඇතැයි පැවසේ.

අදාල කතුවරයා පසුගිය කාලයේදී දැනට චෝදනා එල්ලවී තිබෙන ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි මහතා සමඟද කිට්ටුවෙන් කටයුතු කළ අයෙක් බව ද කියැවේ.

මේ විධායක කර්තෘවරයා ඉකුත් කාලයේදී ඔහු සේවය කරනු ලබන පුවත්පතේ කර්තෘවරයා කොන්කරමින් එහි අයිතිකරු සමඟ එක්ව රාජපක්ෂ මහතා පිනවීමට වෙහෙස වූ අයෙකි.

පසුගිය කාලයේදී එම පුවත්පතේ කතුවැකිය පවා ලියා ඇත්තේ මෙම පුද්ගලයා විසින් බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles