Saturday, May 18, 2024

හොම්බෙන් යන ශ්‍රී ලංකා රේගුව

ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් නොකිරීම හේතුවෙන් එහි දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ. මේ නිසා රේගු දෙපාර්තමේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කරගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට රස්තියාදු වීමට සිදුව ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට රේගු දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ ආර්. සේමසිංහ මහතාය. ඔහු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. ඔහුට ආයතන දෙකක කටයුතු පැවරී ඇති නිසා ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු දිගින් දිගටම අතපසු වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා නීති විරෝධී ලෙස කරුංකා ප‍්‍රති අපනයනය කරන සමාගම් එම ජාවාරමේ තවදුරටත් නියැළී  සිටී.

දැනට රේගුවේ පවතින නිත්‍යනුකූල තත්ත්වයන් යටතේ මෙරටට රැුගෙන ආ කරුංකා කන්ටේනර් 48ක් අදාළ සමාගම්  වෙත මුදාහරින ලෙස ශ්‍රේෂඨාධිකරණය විසින් නියෝග කර තිබිය දී එම නියෝගය පවා ක‍්‍රියාත්මක කිරීමට රේගු වේ ඉහළ නිලධාරින් කටයුතු කර නැත. කරුංකා තොගය නිදහස් කිරීම සඳහා ඔක්තෝබර් මස 29 වන දින ශ‍්‍රී ලංකා  රේගුවට පැමිණෙන ලෙස රේගුව අදාළ සමාගම් වෙත දැනුම් දී ඇතත් කරුංකා තොගය නිදහස් කිරීම සඳහා රේගු නිලධාරීන්  මේ වනතෙක් කටයුතු කර නැත. ඊට හේතු වී ඇත්තේ ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජකාරී කටයුතු සඳහා රේගුවට නොපැමිණීම බව රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles