Saturday, April 27, 2024

ඩයස්පෝරා කාර්යාලය කොළඹ විවෘත වේ

ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛණගත කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු අධ්‍යනයකින් පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

පුද්ගලයන් හා සංවිධාන අසාධු ලේඛණ ගත කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව සදහන් කළා. අලුතෙන් හදුනා ගන්නා ලද පුද්ගලයන් 55 දෙනෙකු සහ සංවිධාන 03ක් ද අසාධු ලේඛණයට ඇතුලත් කෙරුණේ  එම ක්‍රමවේදය යටතේ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

ඉකුත්දා ආරක්ෂක අමාත්‍යංශය මගින් ගැසට් නිවේදනය නිකුත් කරමින් ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා. එලෙස තහනම ඉවත් කෙරුණු සංවිධාන වන්නේ ඔස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍යය දමිළ සංසදයයි.

අසාධු ලේඛණයට එක් කළ සංවිධාන 03 ඔවුන්ගේදාරුල් අදර් හෙවත් ජමිඋල් අදර්, මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය හෙවත් ජමියා සහ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජයයි. 

පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වල අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, දෙමළ ඩයස්පෝරාවේ කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරමින් ඔවුන්ගේ සහාය රට ගොඩනැගීම පිණිස ලබාගන්නා බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles