Monday, May 6, 2024

ත්‍රස්ත මර්ධන පනත වෙනුවට නව පනත් 03 ක් එයි…

ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කර මෙරට ජාතික ආරක්‌ෂාවට අදාළව නව පනත් තුනක්‌ ගෙන ඒමට රජය තීරණය කර ඇත.

මෙම නව පනත් තුන ජාතික ආරක්‌ෂක පනත, බුද්ධි සේවා පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්‌වීමේ පනත ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සඳහා වෙනම පනතක්‌ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

මෙරට ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා 1979 දී ත්‍රස්‌ත මර්දන පනත සම්මත විය.

මෙම පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද රජයෙන් ඉල්ලා තිබේ.

මෙකී නව පනත් තුන කෙටුම්පත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්‌පති, ආරක්‌ෂක ලේකම් සහ රජයේ නීති බලධාරීන්ගෙන් යුත් කමිටුවක්‌ රජය පත්කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles