Monday, May 6, 2024

බැසිල්ගේ ජාතික බලවේගය බදුල්ලෙන් අරඹයි…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ මාධ්‍යට පවසා ඇත්තේ, “ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික බලවේගයක්‌ ගොඩනැගීම බදුල්ල දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගෙන ලබන මස 02, 03, සහ 04 යන දිනයන්හිදී ආරම්භ කරනවා” නවයි. ඔහු වැදි දුරටත් සඳහන් කර ඇත්තේ, “බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ආසන 09 කට අයත් පළාත් පාලන ආයතන 18 ක්‌ නියෝජනය කරමින් ආරම්භ කෙරන මෙම වැඩසටහනින් අනතුරුව අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලටද මෙය ව්‍යාප්ත කරනවා” කියායි.

මන්ත්‍රීවරුන්, විද්වතුන්, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ඇතුළු සෑම ක්‍ෂේත්‍රයක්‌ම නියෝජනය කරමින් ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරය සඳහා සහභාගි වන ලෙස විවෘත ආරාධනයක්‌ කරන බවත් ඔහු සඳහන් කර ඇත. රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ, “ජාතික බලවේගය සඳහා නමක්‌, ලාංඡනයක්‌, සහ පාට මේ වන විට තීරණය කර තිබෙනවා” බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාත් අදහස් දක්වා ඇත:

“ජාතික බලවේගය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (23 වැනිදා) සාකච්ඡා පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්‌ අදත් පැවැත්වෙනවා. මෙම ජාතික බලවේගය පිහිටුවීම තුළින් බැසිල් රාජපක්‍ෂ මහතා සමග පැවැති මත ගැටුම්ද විසන්දා ගැනීමට හැකිවුණා. ආණ්‌ඩුව විසින් ජනතාව පීඩාවට පත්කරමින් වැට්‌ බද්ද වැඩි කිරීම, පොහොර සහනාධාරය කපා දැමීම ඇතුළු විවිධ වැඩපිළිවෙළට එරෙහිව මෙම බලවේගය ක්‍රියාත්මක කරනවා. එය තවත් ශක්‌තිමත් කිරීමට මහනුවර සිට කොළඹට දැවැන්ත පා ගමනක්‌ පැවැත්වීමටද තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles