Monday, May 6, 2024

බෝනොවන රෝග මඬින්න, සීනිවල බදු ඉහළ නැංවීමට රාජිතගෙන් යෝජනාවක්..

බෝනොවන රෝගවලට ජනතාව ගොදුරුවීම අවම කරගැනීමේ අරමුණින් සීනි නිෂ්පාදන සඳහා අය කරන බදු ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරනවා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ, සීනි සඳහා බදු ඉහළ නැංවිය යුතු බවට තමන් මීට පෙර ද ප්‍රකාශ කළ අතර ඊට විවිධ විවේචන එල්ල වූ බවයි.

එංගලන්තය වැනි රටවල ද බෝ නොවන රෝග වැළැක්වීමේ අරමුණින් සීනි සඳහා අය කෙරෙන බදු ප්‍රතිශත ඉහළ දමා ඇති බව ඔහු පෙන්වා දෙනවා. රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පලකර ඇත්තේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය. සෑම බීම වර්ගයකම අඩංගු වන සීනි ප්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles