Friday, April 26, 2024

තුසිතගේ නිවසට කඩාවැදුන අයගේ CCTV ඡායාරූප මෙන්න

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානී මෙන්ම, පොහොර සංස්ථාවේ සභාපති තුසිත හල්ලොලුව මහතාගේ නිවසට බලහත්කාරයෙන් කඩාවැදී, ඔහුගේ මවට තර්ජනය කරමින් ඔහු පිළිබඳව විමසා ඇති නාඳුනන කණ්ඩායමේ දෙදෙනෙකු CCTV කැමරා දර්ශනවල සටහන්ව ඇත.

එම  CCTV කැමරා දර්ශනවලට අනුව මෙම නාදුනන දෙදෙනා පොලිසියේ නිල ඇඳුමට සමාන ඇඳුම් පැළඳ සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හල්ලොලුව මහතා වහාම මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇතත්, මේ දක්වා සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

තම බලප්‍රදේශයේ කිසිඳු පොලිස් නිලධාරියකු හල්ලොලුව මහතාගේ නිවසට ගොස් නැතැයි මිරිහාන පොලිසිය පවසයි.
පොලිස්පති වගකීම පැහැර හැරලා :

පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට මෙම නාදුනන පිරිස පෙරේදා (18) දහවල් ඩිමෝ බට්ටා වෑන් රථයකින් හල්ලොලුව මහතාගේ මහ ගෙදරට ගොස් හල්ලොලුව කව්දැයි විමසමින් නිවසේ සිටි වියපත් මව සහ පිරිස බියපත් කර තිබේ.

අවට නිවාස වලින්ද හල්ලොලුව කියන්නේ කව්දැයි විමසමින් බියපත් කර ඇත.

තමන්ට ජීවිත තර්ජන ඇති බවට ලැබී තිබූ ආරක්ෂක වාර්තාවක් අනුව තමන් නීතිය හා සාමය අමාත්‍යාංශයට ඒ පිලිබඳව දැනුවත් කිරීමෙන් පසු එහි ලේකම්වරයා තමාට ආරක්ෂාව සපයන්නැයි පොලිස්පතිවරයාට නියෝග කර බොහෝ කලක් වන නමුත් පොලිස්පතිවරයා එම වගකීම පැහැර හැර ඇතැයි තුසිත හල්ලොලුව මහතා ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

CCTV කැමරා දර්ශනවල ඡායාරූප පහත පළවේ.

  • Click to enlarge image 1.png
  • Click to enlarge image 2.png
  • Click to enlarge image 3.png
  • Click to enlarge image 4.png
  • Click to enlarge image 5.png
  • Click to enlarge image 6.png
  • Click to enlarge image 8.png
  • Click to enlarge image 9.png
  • Click to enlarge image 98.png
  • Click to enlarge image 988.png
  • Click to enlarge image 99.png
  • Click to enlarge image 999.png
  • Click to enlarge image 99999.png
  • Click to enlarge image 999999.png
  • Click to enlarge image 99999999.png
  • Click to enlarge image unnamed111.png    srilankamirror.com

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles