Tuesday, May 7, 2024

විපතටපත් පවුල්වලටකඩිනම් සහන සලසන්න

ජනපති උපදෙස් දෙයි

බේරුවලින් මුහුදු ගොස් අනතුරට ලක්වූ පුද්ගලයන්ගේ පවුල්වලට අවශ්‍ය සියලු සහන සලසාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම අනතුරින් අතුරුදහන් වූවන් සෙවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා නාවුක හමුදාව ඇතුළු ත්‍රිවිද හමුදාවට උපදෙස් දී තිබේ. මීට අමතරව මෙම අනතුර පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කර ඇත.

—————-

ජනපති සොව පළකරයි

කළුතර කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුර පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලවත් කනගාටුව පළ කරයි.

අනතුර සැළ වූ වහාම අදාළ අංශ දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා, විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නාවික හමුදාව සහ ‍ෙපාලිසිය වෙත උපදෙස් දුන් අතර, අනතුරට පත්වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතුද කඩිනමින් සිදුකරන ලෙස බලධාරින් දැනුවත් කළේය.

එමෙන්ම අනතුරින් මිය ගිය සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළ ජනාධිපතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles