Friday, April 26, 2024

දයාසිරි ,මෛත්‍රී මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී වාදයක

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන අය අතර අද දින පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇතිවිය.

මහින්දානන්ද සිදු කර තිබූ කතාවක් මුල්කරගෙන හිටපු ජනාධිපති ප්‍රබල ප්‍රහාරයක් දියත් කරනු ලැබීය.
එහිදී සිරිසේන මහතා කියා සිටියේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසිය යුතු නැති බවත්, ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවත්ය.

කෘෂිකර්ම ආමත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව විවේචන කරමින් ප්‍රහාර එල්ල කරන්නේ නම් ඇතැම් කණ්ඩායම් ආණ්ඩුව සමග කටයුතු කළද නොකලද ප්‍රතිප්‍රහාර එල්ල කරන බව එහිදී අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩු තුළ ගැටුම් ඇතිවූ විට කුමක් සිදුවන්නේද යන්න ඉතිහාසයේ පැවති ආණ්ඩු පෙන්වා දී තිබෙන බවත් වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නිසා බැවින් ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා බුද්ධිමත්ව සිතිය යුතු බවත් එහිදී අදහස් පළ කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මහින්දානන්ද ඇමතිවරයා මොණරෙක් වගේ පිල් විදහා නැටුවට පස්ස එළියේ- රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

මහින්දානන්ද මහතා කළ ප්‍රකාශ කිහිපයක් තිබුණා. රුපියල් බිලියන 3.7ක් අවසන් වසරේ ජනාධිපතිවරයාගේ වියදම විදියට තිබුණා. අද 2022 මේ අවුරුද්දට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බිලියන 1.7ක් පාවිච්චි කරා කියන කාරණය කිව්වා. 2018 දී ග්‍රාම ශක්ති වලට විතරක් රුපියල් මිලියන 2000ක් වැය කරලා තිබෙනවා. ආහාර නිෂ්පාදනයට රුපියල් මිලියන 500ක්. අද ඒක සම්පූර්ණයෙන් ඉවත් කරලා තිබෙනවා. ජනාධිපතිවරයා ගාව අද ඒ වැය ශීර්ෂය නෑ. මහින්දානන්ද මහතා වාහන 200ක් කියලා කියනවා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ කතාවේ වාහන 386ක් තිබුනා කියලා.

මම අහනවා මොකක්ද මේකෙන් හරි එක. අද ජනාධිපති වාහන 03න් යනවා. ඒක ඉතාම හොඳයි. ඒත් මතක තියාගන්න ඕන වාහන ෆීලීට් එකක් තියෙනවා ජනාධිපතිවරයාට. අපි මේවා නොදන්නවා නෙවෙයි. අද ජනාධිපතිවරයා කොළඹ රැස්වීමක් තිබෙනවා නම් ඒකට වාහන 03න් යනවා. ඊලගට අනුරාධපුරයේ තිබෙනවා නම් තව වාහන 03ක් අනුරාධපුරයට යනවා. ඒ නිසා වැදගත් විදියට කල්පනා කරලා කතා කරන්න.

මේවා කතා කරන්න ආවොත් අපිට ගොඩක් දේවල් කතා කරන්න පුලුවන්. මහින්දානන්ද මහතා මේ පළවෙනි අවස්ථාව නෙවෙයි මේ කාරණය කිව්වේ. එක පාරක්, දෙපාරක්, තුන්පාරක් කියලා මේක නතර කරනවා නම් අපිට ඉවසන්න පුලුවන්. ඒත් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 14ක් නියෝජනය කරන ප්‍රධාන පක්ෂ නායකයාට, හිටපු ජනාධිපතිට මඩ ගහනකොට අපිට ඉවසගෙන ඉන්න බෑ.

මහින්දානන්ද මහතා මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. ඒත් පස්ස එලියේ දාගෙන ඉන්නේ. එතුමාට කියනවා මම ඔය වල හාරන එකනේ කරන්නේ. ඔය වල තව හාරන්න. වල හාරද්දි තව කුණු ගඳ එනවා පහලට ගියාම. පක්ෂ නායකයාට ගහලා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න හැදුවොත් මේක විශාල අර්බුදයකට යන තත්ත්වයකට පත්වෙයි.

නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසිදු ගැටලුවක් මතු වෙලා නෑ -සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ඒ අවස්ථාවේ මම හිතන්නේ නෑ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම කිසි ලෙසකින් සඳහන් වුණා කියලා. හිටපු ජනාධිපති කාර්යාලයට සම්බන්ධව දිගටම ජනාධිපති කාර්යාල වල තිබුණු වැය හා සම්පත් ප්‍රයෝජනය පිළිබඳව විවිද තත්ත්වයන් වෙනස් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අනුගමනය කර තිබෙන ආදර්ශමත් වැඩපිළිවෙල මේ සභාවට එදා ප්‍රකාශ වුනා. වාහන භාවිතය අඩු කිරීම. වැය ශීර්ෂ අඩු කිරීම. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසිදු ගැටලුවක් මතු වෙලා නෑ. ඒ නිසා එවැනි ගැටලුවකට අර්ථ නිරීපනය කිරීම සාධාරන නෑ.

අපිට ගැහුවොත් අපිත් ගහනවා හිටියත් එකයි නැතත් එකයි – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

මගේ නම ප්‍රකාශ කරලා පහත් විදියට කතා කරලා තිබෙනවා. ඒකෙදි කියලා තිබුනා වලවල් හෑරුවොත් ගඳ ගොඩක් එයි කියලා. හෑරුවොත් ගොඩක් දේවල් එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක් වල ඉදලා ගොඩක් දේවල් එළියට එන්න පුලුවන්. මම ජනාධිපති වැය ශීර්ෂය යටතේ කතා කරලා කිව්වේ පෞද්ගලිකව කාටවත් නෙවෙයි.

මම කිව්වා 2019 එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය බිලියන 3.73ක්. වත්මන් ජනාධිපතිවරයාගේ 2020 දී වැය කරලා තිබෙන මුදල බිලියන 1.2ක් කියලා. මම කෙටියෙන් කිව්වේ ජනාධිපති ලේකම් කාර්යාල දෙකේ වැය ශීර්ෂ වෙනස. වත්මන් ජනාධිපති රටට කරලා තිබෙන ආදර්ශට අපිට පෙන්වන්න අයිතිය තිබෙනවා. ඒක පෙන්වන්න කාගෙන්වත් අහන්න ඔ්නී නෑ. ඒ වගේම නිල නිවස ගැන ප්‍රකාශ කරලා තිබුනා.

පැජට් පාරේ සී 61, 62 සහ බී 14 යනු නිවස් නොව නිවාස 03කී. මට වැඩක් නෑ පෞද්ගලිකව කාටවත් කියන්න. ඒ නිසා කිසිදු පක්ෂ නායකයෙකුට හො කිසිදු පුද්ගලයෙකුට ගහන්න අපිට අවශ්‍ය නෑ. ඒත් ගහනවා නම් අපිත් ගහනවා. ඒක හොඳට මතක තියා ගන්න.

කොන්ද පස්සට තියාගෙන නපුන්සකයෝ වෙන්න අපි සූදානම් නෑ. අපිට ගැහුවොත් අපිත් ගහනවා. හිටියත් එකයි නැතත් එකයි. අපි වැරදි කරලා නෑ. සමහර දේශපාලන පක්ෂ ගමේ ශාකා ගහගන්න බෑ. ගොවියා පසුපස ගිහින් ගමේ ශාකා ගැහුවා. ඒ වගේ පහත් තත්ත්වයට වැටෙන්න එපා. පහුගිය උද්ඝෝෂණ වලට වී මෝල් හිමියෝ සල්ලි දුන්නා.

ලොක්කා නග්ග ගන්න අපිට ගහන්න එපා, ආණ්ඩුවට තුනෙන් දෙක තිබෙන්නෙත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අතේ – හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන

අපි නම් ගැහුවොත් ගහන්නේ නෑ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහ ගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි අපි. අපි ගැහුවොත් ගහන්නේ ඔය කියන විදියට නෙවෙයි වෙන විදියකට. ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳව මහින්දානන්ද ඇමතිවරයා කරන ලද ප්‍රකාශ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නෑ.

මේ වැය ශීර්ෂ දෙක එකට අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්නේ මම ඉතාමත්ම අනවශ්‍ය විදිවයට වියදම් කරලා තියෙනවා කියන එක. මම කැමති නෑ වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න. මම ආදර්ශයක් දුන්නා මට කලින් හිටලු ජනාධිපතිවරු වියදම් කළ හැටි, ගමන් ගිය හැටි පිළිබඳව. ඒ නිසා ඔය ගහගන්න ගියොත් මොන මොන විදියේ තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්.

1947 ඉදන් මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන , ඒ සහයෝගය අතරමග කඩා ගත්තා. 2014 මම සාධාරන හේතූන් මත එදා ආණ්ඩුවෙන් අයින් වෙලා පොදු අපේක්ෂකයා ලෙස තරග කළා. ඒ නිසා මේ තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින්, සංකීර්ණව සහ බුද්ධිමත්ව හිතන්න ඔ්නී.

ආණ්ඩුවේ තුනෙන් දෙක තිබෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ගහගෙන ඊලගට එන ප්‍රතිපලය මීට කලින් ආණ්ඩු අවුරුදු 50-60ක කාලය තුල ඔප්පු කරලා තිබෙනවා ආණ්ඩු ඇතුලේ ගහ ගත්තම මොකක්ද වෙන්නේ කියලා. අද මේ ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. මහින්දානන්ද ඇමතිවරයාගෙන් දුමින්ද දිසානායක ඇමතිවරයා අහලා තියෙනවා මොකක්ද මේ වැඩේ කියලා. එහිදී මහින්දානන්ද දීලා තිබෙන උත්තරය තමයි නෑ ඉතින් දන්නැද්ද දුමී අපේ ලොක්කා නග්ගන්න ඔ්නී නිසා අපි මොකක් හරි කියන්න එපැයි. ඉතින් ලොක්කා නග්ග ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ.

අපිට ගහන්න එපා. අපිත් ඒ ලොක්කාගේ නායකත්වයෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා අපේ මට්ටම් වලට ගැලපෙන විදියට කතා කරමු. කණගාටුවෙන් වුත් කියන්න ඔ්නී මේ මහින්දානන්ද ඇමතිවරයා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට, ගොවීන්ට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත්වුනේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – හිටපු ජනාධිපතිවරයා රටට බොරුවක් කිව්වා. දුමින්ද දිසානායක ඇමතිවරයා කිව්වා මම කිසිම දෙයක් ජනාධිපති චූන් කරන්න කිව්වේ නෑ කියලා. ඒ වගේම මම රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැනත් ඔබතුමාට ගොඩක් දෙවල් කියන්න පුළුවන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles