Friday, May 3, 2024

දුම්කොළ පාලනය පිළිබඳ නීති රාමුව අනුමත කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි

දුම්බොන්නන් අධෛර්යට පත් කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය ඒ සඳහා වන බදු ඉහළ නැංවීම බවත් මෑතක දී මෙරට දුම්කොළ සඳහා වන බදු තවදුරටත් ඉහළනැන්වීම ඒ වෙනුවෙන් රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දුම්කොළ පාලනය පිළිබද නීතිමය රාමුව අනුමත කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව ද එය ලොව සිවුවන රට බව ද ජනාධිපතිතුමා කීය.

මධ්‍යසාර, දුම්කොළ ඇතුඵ අනෙකුත් මත්ද්‍රව්‍ය වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ (31) ආරම්භ කරමින් ඒ මහතා මේ බැව් පැවැසීය.

I.O.G.T. ජාත්‍යන්තරය, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානය සංවිධානය කළ මෙම සමුඵව මහනුවර මහවැලි රීච් හෝටලයේ දී ආරම්භවිය.එය දෙදිනක් පුරා පැවැත්වේ.මෙම සමුඵව සඳහා රටවල් 23ක් නියෝජනය කරමින් සාමාජිකයන් 93 දෙනකු සහභාගිවිණි. මත් ද්‍රව්‍ය වැළැක්වීම හා දුම්කොළ මෙන්ම අනෙකුත් ඖෂධ භාවිතය පිළිබද වඩ වඩාත් ජනතාව දැනුවත් කරන අතරම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජයග්‍රහණ රැසක්ද රටක් ලෙස අපට හිමිව ඇතැයි ජනාධිපතිතුමා මෙහි දී කීය.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ඇරඹීමත් එය බලාත්මක කිරීමත් ඓතිහාසික අවස්ථාවක්යැයිද ඒ මහතා පැවැසීය.

සිගරට් පැකට්ටු සඳහා සියයට අසූවක රූපමය අවවාද ඇතුළත් කිරීම එය භාවිතයෙන් ඈත්වීමට බොහෝ සෙයින් බලපෑ ඇතැයිද බදු පැනවීම හා මෙවනි ක්‍රම තුළින් බොහෝ පිරිස් මත් ද්‍රව්‍ය, මත් පැන්, හා දුම්වැට්වලින් ඈත් වන්නේ යැයිද ජනාධිපතිතුමා කීය. මෙහි දී වැඩිදුරටත් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය. මෙම සමුඵවෙන් සළකා බැලෙන්නේ විසි එක්වන සියවසේ මත් ද්‍රව්‍ය ප්‍රතිපත්තිය මත් ද්‍රව්‍ය උවදුර පිළිබද සටන් කරන්නේ කෙසේද යන්නය.දෙස් විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් මේ සඳහා සහභාගිවීම සතුටකි.අසූව දශකයේ එවක තරැණ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මා A.D.I.Cවල වැඩකළා.ඡායාරූප මගින් සිගරට්වල රූපමය අවවාද සටහන් කළ යුතුය යන යෝජනාව ඉදිරිපත් කිරීමත් සමඟ මා හට විශාල අභියෝග එල්ලවුණා.මා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කාළයේ මට තේරැම් ගියා මත් ද්‍රව්‍ය, දුම්වැට්, සහ අනෙකුත් හානිකර ඖෂධ පිළිබද ප්‍රතිපත්තියක්, නීතියක්, හා පාලනයක් ඇති කළ යුතු බව.මේ සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් ඇතිකරලයි තිබෙන්නේ.එයින් අහිතකර ඖෂධ තුරන් කිරීම හා ඒ පිළිබදව භාරයක් ඇති කිරීමට උනන්දු කරනවා.මේ පිළිබදව මා පෞද්ගලිකව මැදිහත් වී බලා සිටිනවා. මෙම සමුඵව මත්ද්‍රව්‍ය නිවාරණය හා ප්‍රතිපත්ති පිළිබඳ වැදගත් වේයැයි මා සිතනවා.මනුෂ්‍යන්ට අහිතකර මත් ද්‍රව්‍ය හා අනෙකුත් ඖෂධවලින් තොර ජීවිතයක් සඳහා මෙම සමුඵවේ ජයග්‍රහණ හා ප්‍රවර්ධනයන් උපකාර වේයැයි සිතනවා.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්, I.O.G.T. ජාත්‍යන්තරයෙහි සභාපතිනි ක්‍රිස්ටිනා ස්පැරකෝවා, එහි උප සභාපති පුබුදු සුමනසේකර, එහි විධායක අධ්‍යක්ෂ එස්බියොන් හොන්බර්ග්, විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය යන මහත්ම මහත්මීහු ඇතුඵ පිරිසක්ද මෙයට එක් වූහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles